Search This Blog

Sunday, July 4, 2010

ටොරන්ට් වල සීඩ්ස්ල වැඞි කරගන්න

This summary is not available. Please click here to view the post.

බෑන් කී මූන්ගේ ක්‍රියාව හෙළා දකිනවා : චීනය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදේශක කමිටුවක් පත් කරනු ලැබීම හෙළා දකිමින් චීන මහජන සමූහාණ්ඩුව නිවේදනයක් නිකුත් කොට ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි කමිටුවක් පිහිටුවීම පිළිබඳව දැඩි විරෝධය පළ කැර ඇති චීන රජය තවදුරටත් පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට රජය හා මහ ජනතාවට ශක්තිය තිබෙන අතර ලෝක ප්‍රජාව ගේ යුතුකම වන්නේ ශ්‍රී ලංකාවට ඒ සඳහා සහාය දීම බවත්ය.

චීන විදේශ ඇමැති කින් ග්වැන් මහතා බීජිං නගරයේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී මානව හිමිකම් කඩවී තිබේද යන්න සොයා බැලීමට ශ්‍රීී ලංකාව විසින්ම ප්‍රතිසංධාන කොමිසමක් පත්කර ඇති අවස්ථාවක ඒ මඟින්ම කරුණු සොයා බැලිය යුතුව තිබෙන බවයි.

ශ්‍රී ලංකාව හා එහි ජනතාවට ගැටලු නිරාකරණයේදී මනා හැකියාවක් ඇති බවත් එ.ජා. මහලේකම්වරයාට අන්තර්ජාතික ප්‍රජාව අතර සුබවාදී පරිසරයක් ඇති කළ හැකි බවත් චීන විදේශ ඇමැතිවරයා එහිදී අදහස් පළ කර තිබේ. එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තවත් වේගවත් කිරීමට හේතුවන බවත් ඔහු පවසා ඇත.

සිළුමිණ ඇසුරෙනි