Search This Blog

Monday, October 8, 2012

ජනාධිපති මහින්ද රාජපක්ශ, ක්‍රිකට් සහ අවාසනාව


ඇත්ත වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා තරම් අවාසනාවන්ත නායකයකු මේ ලෝකය තුල තවත් සිටිනවා දැයි මසිතට හැගේ. සැබවින්ම සිටිය නොහැක. ලෝකය තුල සිටින අපේ රටේ සිටි අවාසනාවන්තම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ශය. මා එසේ කියන්නේ එතුමා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග තුනක්ම නරබන්නට ගොසින් එම තරග තුනම අපේ කන්ඩායම පරාජය වූ නිසා නොවෙමි. එසේ සිතීමට තරම් ගල්යුග මානසිකත්වයක් මාහට නොමැත. එසේ සිතීම ජනාධිපතිතුමාට කරන අපහාසයකට වඩා, එය රට වෙනුවෙන් තම උපරිමයටත් වඩා කරන අපේ ක්‍රිකට් කන්ඩායමට කරන අපහාසයකි.

ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. අවිනිශචිත ක්‍රීඩාවක් ජනාධිපති මහින්ද රාජපක්ශ පැමිනෙන විට නිශ්චිත වනවා යැයි යමකු සිතන්නේ නම් ඔහු හෝ ඇය ක්‍රීඩාව, ක්‍රීඩා ශීලීත්වය ගැන කිසිම වැටහීමක් නැති මෝඩ තකතීරු අඥාන කවටයකු මිස වෙන කවරෙක් විය හැකිද.

ජනාධිපති මහින්ද රාජපක්ශ අවාසනාවන්තයකු වන්නේ කරනා ගණනාවක් නිසාවෙනි.

මේ රටේ අති බිහිසුනු ත්‍රස්තවාදී කන්ඩායමක් සිටිබව දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. කොටි මිනීමරුවන් රටට කල විනාශය බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. උතුරේ සිට දකුනටත්, බස්නාහිර සිට නැගෙනහිරටත් කොටි මිනීමරුවන් කල මහා විනාශයන් අමතකව ගොසිනි. රටම ලේ විලක් බවට හරවා මිනී කදු ගොඩ නැගූ අයුරු අමතකව ගොසිනි. එසේ කොටි මිනීමරුවන් රටට කල විනාශයන් මතක නැති පිරිසකට මිලේච්ච කොටි සංවිධානය විනාශ කිරීමට මහින්ද රාජපක්ශ ක්‍රියාකල ආකාරය මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?

ලෝක කුසලාන අපේ රටේ නිදහසේ පවත් වන්නට, බෝම්බ බියකින් තොරව අපේ ජනතාවට ඒවා සදහා සහබාගීවීමට අවස්තාව ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ශ ඉටුකල කාර්ය බාරය සම[හරක්ට] මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?

1996 අපේ ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන අමරණීයම වසරයි. ඒ මතකය අප කාතුලත් ඇත. එහෙත් මෙවර ලෝක කුසලානය දිනාගත් බටහිය ඉන්දීය කොදෙව්වන්වත්, ඔස්ට්‍රේලියානුවන්වත් එදා ‍යුදබිය නිසා අපේ රටට පැමිනීමෙන් වැලකී සිටියබව බොහෝ දෙනෙකුට අමතකව ඇත. එසේ ඔව්න් අපේ රටට නොපැමිනීම තුලින් ලෝකයට පිලිඹිබුවූ මතය වූයේ ලංකාව තුල ක්‍රීඩාවක් කිරීමටවත් නිදහසක්, ආරක්ශාවක් නොමැති බවයි.එම වාතාවරනය වෙනස්කර ලෝකයේ සියලුම රටවල් වලට අපේ රටට බියකින් සැකයකින්තොරව පැමිනීමට අවකාශය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කල කාර්ය බාරය සම[හරක්ට] මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?

රටේ සියලුම ජනතාවට බෝම්බ බියකින්තොරව නිදහසේ ක්‍රිකට් තරගයක් හෝ නැරබීමට අවස්තාව ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ශට ජනතාවත් සමග එම තරග නැරබීමට පැමිනීමෙන් වලකින ලෙසත්, එසේ පැමිනීමෙන් අපේ කන්ඩායම පරාජය වනවායැයි පවසන සුලුතර හෝ ජනතාවක් සිටින රටක ජනාධිපතිවීමට, ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?

මිනීමරු ප්‍රබාකරන් සමග ගහපු මැච් එක ජයග්‍රහනය කිරීමට නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ශට, 1996දී ලංකාවට පැමිනීමත් ප්‍රතික්ශේප කල බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලංකාවේදීම පැවති තරගයක් බලන්නට යාම ශාපයක් යයි සිතන පුංචි නෝනලට පුංචි මහත්වරුන්ට නිදහස ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?

අවිනිශ්චිත ක්‍රීඩාවක තීරනයක් නිශ්චිත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ හේතුවක් වනවා යැයි සිතන මෝඩ මිනිසුන් ගැහැනුන් සිටින රටක නායකයා වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?

ක්‍රිකට් ආයතනයට පත්වූ එක්තරා හිටපු සුපිරි ක්‍රීඩකයෙක් අපේ කන්ඩායමේ ක්‍රීඩකයන් සමග ගැටුම් ඇතිකර ගනිද්දී, එම ගැටුම් නිසා ක්‍රීඩකයන් ක්‍රීඩාව හැරයාමට සූදානම් වෙද්දී ක්‍රීඩකයන්ගේ අදහස් පිලිගනිමින් එම පාලකයා එලවා දමා ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් රැකගත් ආකාරය සම[හරක්] පුංචි නෝනලට පුංචි මහත්වරුන්ට මතක නැත. එසේ අමතක වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?

කෙලෙහිගුන නොදත් මිනිසුන් සිටින රටක නායකයා වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?

මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමනි, ඔබතුමා සැබෑම අවාසනාවන්තයෙකි.





වීරයන් මැරීම හා බලු කිරීම


ලෝකයම අද ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින හොඳම නායකයා ලෙස ගරු බුහුමන් කරන මහේල ජයවර්ධන නායකත්වයෙන් සමුගැනීම ශ්‍රීලංකා ක්‍රිකට් වලට කිසිම ආකාරයකින් පාඩුවක් නොවනු ඇත. මක්නිසාදයත් මහේල සතුවත් නොමැති සුපිරි සැලසුම් ඇති හීනෙන්වත් බෝලයක් බැට් එකක් අල්ලා නොමැති වුවත් හැකියාවෙන් ක්‍රීඩාශීලීත්වයෙන් අගතැන්පත් පරිපූර්ණ නායකයන්, ක්‍රීඩකයන් රැසක්ම Facebook හරහා ලෝකයටම හදුනා ගැනීමට අවකාශය ලැබීමෙනි. මහේලගෙන් හිස්වන නායකත්ව පුරප්පාඩුවට ඔව්න්ව ආදේශකල හැකිය.

ලසිත් මාලිංග සම්බන්දවත් ඇත්තේ එම තත්වයමය. මාලිංගත් කන්ඩායමෙන් ඉවත්කර දැමුවාට කමක් නැත. මක්නිසාදයත් කිසිදා ලෙදර් බෝලයක් අල්ලා නැති වුවත් මාලිංගටත් වඩා හොඳින් පන්දු යැවිය හැකි, සුපිරි පන්දුවාර නිලකුනු පන්දුවාර වශයෙන් යැවිය හැකි, මාලිංගටත් පන්දු යවන ආකාරය පිලිබඳ උපදෙස් දිය හැකි පන්දුයවන්නන්, පුහුනුකරුවන් රාශියක්ම Facebook හරහා ලෝකයටම හදුනා ගැනීමට අවස්තාව ඇති නිසාවෙනි.

මේ රටට බලපා ඇති සැබෑ ශාපය මෙයයි. කෙතරම් හොඳ කලත්, ජයග්‍රහණ ලබාදුන්නත් වැඩක් නැත. අගයක් නැත. එක අතපසුවීමකින් කල කිසිම හොඳ දෙයක් මතක නැත. වැරදුනු තැන අල්ලාගෙන වීරයින් බලු කිරීමට මොහොතක්වත් පමා කරන්නේ නැත. එසේ කිරීමටම දත කට මැදගෙන සිටින පිරිසක්ද බිහිවි ඇත.