Search This Blog

Tuesday, July 6, 2010

අල්හාජ් මොහොමඩ් නියාස් මවුලවිතුමා

1953 වසරේ මාර්තු මස 14 වෙනිදා උපන් මවුලවිතුමන් නම් ලැබුවේ සම්සුදීන් මොහොමඩ් නියාස් ලෙසිනි.
ඔහු ඉහ්සානියා අරාබි පාසලේ නිර්මාතෘවරයා මෙන්ම එහි අධ්‍යක්ෂ ජෙනරල්වරයාද වේ.

ශ්‍රි ලංකා මුස්ළිම් සාම කවුන්සිලයේ සභාපතිවරයා වූ ඔහු දේශකීර්ති සහ කීර්ති ශ්‍රී ගෞරව නාමවලින් පිදුම් ලැබූ අතර ශ්‍රි ලංකා රජය එතුමන්ට ආචාර්ය උපාධියක්ද පිරිනැමිණි.

මවුලවීතුමන් අභාවප්‍රාප්ත වනවිට මුස්ලිම් කටයුතු පිලිබද ජනාධිපති සම්බන්ධීකාරවරයෙකි.

දරුවන් හය දෙනෙකුගේ ආදරණීය පියෙකු වූ මවුලවීතුමන් ආගම් අතර සහජීවනය ඇති කිරීමට කැපවූ නායකයෙකු වශයෙන් ප්‍රචලිත විය.

ඔහු විසින් ප්‍රකට කළ මානව දයාව වාර්ගික තුල හෝ ආගමික සීමා වලට ලක් නොවූවක් බැවින් එතුමා උසස් ආගමිත නායකයෙක් ලෙස සැලකිය හැකිය.

එතුමාගේ මෙම සුවිශේෂ ගුණය හේතුවෙන් සර්ව ආගමිත බැතිමතුන්ගේ සම්මානයට එතුමා පාත්‍ර ‍වී තිබේ.

එතුමාගෙන් ලැබුණු වටිනාම පණිවිඩය නම් අප රට කිසිදු භේදයකින් ‍තොරව එකම ජාතියක් ‍ලෙස ජීවත් වන්නක් යන්නයි.

ජාති ආගම් බේදයකින් තොරව රටට ඉමහත් සේවයක් කල මොහොමඩ් නියාස් මවුලවිතුමා අභාවප්‍රා‍ප්තවීම 
රටට ඉමහත් පාඞුවක්.

මොහොමඩ් නියාස් මවුලවිතුමා සිය ආගම මෙන්ම අනෙකුත් ආගම් පිළිබඳව සහ කලාව
පිළිබඳව තිබූ කුසලතාව ද යහපත් රටක් ගොඩනැගීමට සහාය දීම සඳහා උපයෝගී කරගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද පවසයි.

තවදුරටත් අවතැන්වූ දෙමළ ජනතාව සරණාගතයින් නොවේ - එක්සත් ජාතීන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගෙන් කොටසක් සරණාගතයින් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අර්ථ දක්වා තිබූ අතර, එම අර්ථ දැක්වීම තවදුරටත් වලංගු නොවන බව එම සංවිධානය පවසයි.

මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ රජය විසින් ගෙනයන අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු ඉතා සාර්ථකව හා කඩිනමින් සිදුවීමත් සහ දෙමළ ජනතාවගේ ජීවන මට්ටම සා‍පේක්ෂව ඉහළ තලයකට පැමිණීමත්ය.

http://www.defence.lk/sinhala/sn.asp?fname=20100706_06