Hiran's Blog (හිරාන්ගේ සටහන්)
Search This Blog
Thursday, August 21, 2014
වාරියපොල කුමාරිහාමී
වාරියපොල ඇති වෙච්ච සිද්දිය අපි එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව එක එක විදියට තේරුම්ගත හැක. ඒත් බහුතරයකට පේන ඇත්ත වසන් කර, අර කොල්ලට ගැහුව කෙල්ල වීරකමක් කරයි කියල බොරුවට පුම්බා ගොං ආතල් ගැනීම මහා අනුවණ කමකි. (පතෝල, ඇපල් කරන්න හදල ඌ කරෙත් වීරකමක් නෙමෙයි. හැබැයි ගෙම්බා පොලොවේ ගැහුවවගේ ඒකිව උස්සල පොලොවෙ ගහන්න පුලුවංකමක් තිබිලත් තමන් කරපු වැරැද්දට සමාව ඉල්ලලා Town එකේ දෙනෝදාහක් මැද්දේ ගුටිකාපු එක වීර කමක් තමයි)
ඒ මක්නිසාදයත් ඒ කෙල්ල අර තරුණයාට දිගට හරහට ගහන්නේ ඌ ඒකිට බලහත්කාරකමක් කරන්න උත්සාහ කර නිසා නොවේය. ඒකිගෙ කොහෙන්වත් අල්ලන්න ගිහිල්ලත් නොවේය. තරුණියම පවසනා පරිදි ඒකිගේ ඇදුම ගැන විහිලුවක් තරුණයා විසින් සිදුකර ඇත. එයත් පාදඩ අමනම විහිලුවක්නම් පාරක් දෙකක් ගැහුවට කමක් නැත. Video එකෙත් ඉන්න Timekeeper කියනා පරිදි විනාඩි 45ක් විතර සැරින් සැරේ අර තරුණයාට පහරදීම හරිද?
එසේ පහරදී තිබෙන්නෙත් තරුනියගේ හයියෙන්ද? නැත. තරුණිය සතු political power එක, political connection ගැන උදම් අනමින් පහරදීම සිදුකර ඇත. (වාරියපොල Timekeeper මහතා එයට සාක්ශි දරයී) එය වීරකමක්ද? කාන්තා හිංසනයට විරුද්ද සංවිධාන පවා වාරියපොල කුමාරිහාමිගේ ගොං පාට් හෙලා දැක තිබෙන්නේ එතුමිය කලේ වීර කමක් නිසාද?
දේශපාලකයන් නීතිය අතට ගැනීමට එරෙහිව සැවොම කතා කරති. එරෙහිව හඬ නගති. නමුත් මේ තරුණියත් කරන්නේ නීතිය අතටගෙන කටයුතු කිරීමකි. තරුණයා අතින් වරදක්වූවානම් කල යුතුව තිබුනේ නීතිමගින් කටයුතු කරීමයි. ඇයම කියනා පරිදි නීතිය ශක්තිමත්ය, තදය. නමුත් ඒ තද, ශක්තිමත් නීතිය ගැන ඇයට විශ්වාසයක් නැත. ඊටවඩා ඇය සතු දේශපාලන හෝ වෙනත් මොනයම් හෝ සබඳතා ගැන ඇයට හොඳ වැටහීමක්, විශ්වාසයක් ඇත. තරුණයාට පහරදීමට ඇය බාවිතා කරන්නේ එම ශක්තියයි. එය නිවැරදිද?
එකිනෙකාගේ ක්‍රියාකාරමක් ඔව්න්ගේ අභ්‍යන්තර විදහාපාන කැඩපතකි. ඒ අනුව මෙම සිද්දියට මුල්වූ තරුණයා සුපෝකබෝගී රථයකින්, ඉතාම හොඳට හැඳ පැලඳ ගෙන පැමින, මේ සිද්දියට මුල්වූ විහිලුව කලේනම් මේ තරුණිය කරන්නේ කුමක්ද යන්න අමුතුවෙන්කිව යුතුද?
මේ සියලුදේ අතරම මා ඉතාමත්ම ආඩම්බරවන කාරන දෙකක් ඇත. පලමුවැන්න මේ සිද්දිය මුල්කරගෙන සමහරක් බොරදියේ මාලුබාන්නට උත්සාහ කලේය. මුලින්, සිද්දියට මුල්වූ තරුණය මුස්ලිම් කියා ජාතිවාදය අව්ලුවන්නට උත්සාහ කලේය. පසුව ද්‍රවිඩ කියා ජාතිවාදය අව්ලුවන්නට උත්සාහ කලේය . නමුත් ඒ සියලු උත්සාහයක් අසාර්තක විය. පහරදුන් තරුණිය සිංහල කියා රටේ අති බහුතරයක් මේ සිද්දියේදී අසාදාරනය වෙනුවෙන් ඉදිරිපත් නොවීය. රටේ අතිබහුතරය තරුණිය වැරදි බව, තරුණිය අසාධාරණබව සෟජුව ප්‍රකාශ කලහ. එය ඉතාම සාධනීය තත්වයකි.
මා ඉතාමත්ම ආඩම්බරවන දෙවන කාරනය වෙන්නේ මෙම සිද්දිය පිලිබඳ අති බහුතර කාන්තා පාර්ශවයේ ප්‍රතිචාරයයි. මේ සිද්දිය දන්නා රටේ අති බහුතර කාන්තා පාර්ශවය මේ තරුණිය ඉතාමත් වැරදි බව කියා සිටියහ. තරුණියගේ ක්‍රියා කලාපය මුලුමනින්ම ප්‍රතික්ශේප කලහ. එයද ඉතාම සාධනීය තත්වයකි.
අවසානයේ ජාති, ආගම්, ගැහැණු, පිරිමි බේදයකින් තොරව, බුද්ධියක් ඇති අති බහුතරය මේ වාරියපොල සිද්දියේදී එකම මතයක සිටීම ඉතාම ප්‍රශංසනීයය. මක්නිසාදයත් වැරැද්දට, අසාධාරණයට බේදයක් නොමැති නිසාවෙනි. වැරැද්දට අසාධාරණයට එරෙහිවීමටද බේදයක් නොමැති නිසාවෙනි.
සැ.යු : වාරියපොල කුමාරිහාමි මැතිනිය වීරවරියක්, එතුමිය කලේ හරි දෙයක්, victim එතුමිය යැයි කියා ගන්නා, කීමට උත්සාහ ගන්නා උපන්ගෙයි මෝඩ අමන තකතීරුවන් (කාන්තා, පිරිමි දෙපාර්ශවයේම) ඉතාම සුලුතරයක් සිටීම ගැන අප පුදුමවිය යුතු නැත. ඔව්න්ට බුද්ධිය මතු ආත්මයක හෝ බුද්ධිය පහල වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
Labels:
විවිධ
Monday, October 8, 2012
ජනාධිපති මහින්ද රාජපක්ශ, ක්‍රිකට් සහ අවාසනාව
ඇත්ත වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමා තරම් අවාසනාවන්ත නායකයකු මේ ලෝකය තුල තවත් සිටිනවා දැයි මසිතට හැගේ. සැබවින්ම සිටිය නොහැක. ලෝකය තුල සිටින අපේ රටේ සිටි අවාසනාවන්තම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ශය. මා එසේ කියන්නේ එතුමා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග තුනක්ම නරබන්නට ගොසින් එම තරග තුනම අපේ කන්ඩායම පරාජය වූ නිසා නොවෙමි. එසේ සිතීමට තරම් ගල්යුග මානසිකත්වයක් මාහට නොමැත. එසේ සිතීම ජනාධිපතිතුමාට කරන අපහාසයකට වඩා, එය රට වෙනුවෙන් තම උපරිමයටත් වඩා කරන අපේ ක්‍රිකට් කන්ඩායමට කරන අපහාසයකි.
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. අවිනිශචිත ක්‍රීඩාවක් ජනාධිපති මහින්ද රාජපක්ශ පැමිනෙන විට නිශ්චිත වනවා යැයි යමකු සිතන්නේ නම් ඔහු හෝ ඇය ක්‍රීඩාව, ක්‍රීඩා ශීලීත්වය ගැන කිසිම වැටහීමක් නැති මෝඩ තකතීරු අඥාන කවටයකු මිස වෙන කවරෙක් විය හැකිද.
ජනාධිපති මහින්ද රාජපක්ශ අවාසනාවන්තයකු වන්නේ කරනා ගණනාවක් නිසාවෙනි.
මේ රටේ අති බිහිසුනු ත්‍රස්තවාදී කන්ඩායමක් සිටිබව දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. කොටි මිනීමරුවන් රටට කල විනාශය බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. උතුරේ සිට දකුනටත්, බස්නාහිර සිට නැගෙනහිරටත් කොටි මිනීමරුවන් කල මහා විනාශයන් අමතකව ගොසිනි. රටම ලේ විලක් බවට හරවා මිනී කදු ගොඩ නැගූ අයුරු අමතකව ගොසිනි. එසේ කොටි මිනීමරුවන් රටට කල විනාශයන් මතක නැති පිරිසකට මිලේච්ච කොටි සංවිධානය විනාශ කිරීමට මහින්ද රාජපක්ශ ක්‍රියාකල ආකාරය මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?
ලෝක කුසලාන අපේ රටේ නිදහසේ පවත් වන්නට, බෝම්බ බියකින් තොරව අපේ ජනතාවට ඒවා සදහා සහබාගීවීමට අවස්තාව ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ශ ඉටුකල කාර්ය බාරය සම[හරක්ට] මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?
1996 අපේ ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන අමරණීයම වසරයි. ඒ මතකය අප කාතුලත් ඇත. එහෙත් මෙවර ලෝක කුසලානය දිනාගත් බටහිය ඉන්දීය කොදෙව්වන්වත්, ඔස්ට්‍රේලියානුවන්වත් එදා යුදබිය නිසා අපේ රටට පැමිනීමෙන් වැලකී සිටියබව බොහෝ දෙනෙකුට අමතකව ඇත. එසේ ඔව්න් අපේ රටට නොපැමිනීම තුලින් ලෝකයට පිලිඹිබුවූ මතය වූයේ ලංකාව තුල ක්‍රීඩාවක් කිරීමටවත් නිදහසක්, ආරක්ශාවක් නොමැති බවයි.එම වාතාවරනය වෙනස්කර ලෝකයේ සියලුම රටවල් වලට අපේ රටට බියකින් සැකයකින්තොරව පැමිනීමට අවකාශය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කල කාර්ය බාරය සම[හරක්ට] මතක නැත. එසේ අමකතවීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කොතරම් අවාසනාවන්තයකු විය යුතුද?
රටේ සියලුම ජනතාවට බෝම්බ බියකින්තොරව නිදහසේ ක්‍රිකට් තරගයක් හෝ නැරබීමට අවස්තාව ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ශට ජනතාවත් සමග එම තරග නැරබීමට පැමිනීමෙන් වලකින ලෙසත්, එසේ පැමිනීමෙන් අපේ කන්ඩායම පරාජය වනවායැයි පවසන සුලුතර හෝ ජනතාවක් සිටින රටක ජනාධිපතිවීමට, ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?
මිනීමරු ප්‍රබාකරන් සමග ගහපු මැච් එක ජයග්‍රහනය කිරීමට නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ශට, 1996දී ලංකාවට පැමිනීමත් ප්‍රතික්ශේප කල බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලංකාවේදීම පැවති තරගයක් බලන්නට යාම ශාපයක් යයි සිතන පුංචි නෝනලට පුංචි මහත්වරුන්ට නිදහස ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?
අවිනිශ්චිත ක්‍රීඩාවක තීරනයක් නිශ්චිත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ හේතුවක් වනවා යැයි සිතන මෝඩ මිනිසුන් ගැහැනුන් සිටින රටක නායකයා වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?
ක්‍රිකට් ආයතනයට පත්වූ එක්තරා හිටපු සුපිරි ක්‍රීඩකයෙක් අපේ කන්ඩායමේ ක්‍රීඩකයන් සමග ගැටුම් ඇතිකර ගනිද්දී, එම ගැටුම් නිසා ක්‍රීඩකයන් ක්‍රීඩාව හැරයාමට සූදානම් වෙද්දී ක්‍රීඩකයන්ගේ අදහස් පිලිගනිමින් එම පාලකයා එලවා දමා ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් රැකගත් ආකාරය සම[හරක්] පුංචි නෝනලට පුංචි මහත්වරුන්ට මතක නැත. එසේ අමතක වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?
කෙලෙහිගුන නොදත් මිනිසුන් සිටින රටක නායකයා වීමට ජනාධිපති මහින්ද රාජපක්ශ කෙතරම් අවාසනාවන්තද?
මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමනි, ඔබතුමා සැබෑම අවාසනාවන්තයෙකි.
Labels:
විවිධ
වීරයන් මැරීම හා බලු කිරීම
ලෝකයම අද ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින හොඳම නායකයා ලෙස ගරු බුහුමන් කරන මහේල ජයවර්ධන නායකත්වයෙන් සමුගැනීම ශ්‍රීලංකා ක්‍රිකට් වලට කිසිම ආකාරයකින් පාඩුවක් නොවනු ඇත. මක්නිසාදයත් මහේල සතුවත් නොමැති සුපිරි සැලසුම් ඇති හීනෙන්වත් බෝලයක් බැට් එකක් අල්ලා නොමැති වුවත් හැකියාවෙන් ක්‍රීඩාශීලීත්වයෙන් අගතැන්පත් පරිපූර්ණ නායකයන්, ක්‍රීඩකයන් රැසක්ම Facebook හරහා ලෝකයටම හදුනා ගැනීමට අවකාශය ලැබීමෙනි. මහේලගෙන් හිස්වන නායකත්ව පුරප්පාඩුවට ඔව්න්ව ආදේශකල හැකිය.
ලසිත් මාලිංග සම්බන්දවත් ඇත්තේ එම තත්වයමය. මාලිංගත් කන්ඩායමෙන් ඉවත්කර දැමුවාට කමක් නැත. මක්නිසාදයත් කිසිදා ලෙදර් බෝලයක් අල්ලා නැති වුවත් මාලිංගටත් වඩා හොඳින් පන්දු යැවිය හැකි, සුපිරි පන්දුවාර නිලකුනු පන්දුවාර වශයෙන් යැවිය හැකි, මාලිංගටත් පන්දු යවන ආකාරය පිලිබඳ උපදෙස් දිය හැකි පන්දුයවන්නන්, පුහුනුකරුවන් රාශියක්ම Facebook හරහා ලෝකයටම හදුනා ගැනීමට අවස්තාව ඇති නිසාවෙනි.
මේ රටට බලපා ඇති සැබෑ ශාපය මෙයයි. කෙතරම් හොඳ කලත්, ජයග්‍රහණ ලබාදුන්නත් වැඩක් නැත. අගයක් නැත. එක අතපසුවීමකින් කල කිසිම හොඳ දෙයක් මතක නැත. වැරදුනු තැන අල්ලාගෙන වීරයින් බලු කිරීමට මොහොතක්වත් පමා කරන්නේ නැත. එසේ කිරීමටම දත කට මැදගෙන සිටින පිරිසක්ද බිහිවි ඇත.
Labels:
විවිධ
Sunday, September 30, 2012
බුද්ධිමත් ජනතාවගේ අවධානය පිනිසයි...
"6% පිලිබඳ ප්‍රශ්නය වෙනම තලයක විසදා ගතයුතු ප්‍රශ්නයක්. 6% පිලිබඳ තියෙන නොඑකඟතාවය නිසා නෙමෙයි මෙම වැඩ වර්ජනය නොවිසඳී තියෙන්නේ. ඒ ඉල්ලීම අපිට දීර්ග කාලීන වශයෙන් අපිට ඒ සම්බන්දව හඬ නගන්න පුලුවන්. ඒක එකක්. නමුත් අපි දැන් යම්කිසි තත්වයකට ඇවිල්ලා තියනවා වැඩ වර්ජනය අවසන් කිරීම සදහා. ඒ සදහා යම් පියවර කීපයක් ගැනීම පමනයි දැන් අවශ්‍ය කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම විශේශයෙන්ම වැටුප් ප්‍රශ්නය සම්බන්දයෙන් යම් එකඟතාවයක් ඇති කරගැනීම අවශ්‍යයි."
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා
6% පිලිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම ප්‍රශ්නයක් නොවන බව මනාව පැහැදිලිය. ඒ සදහා රජය සමග එකඟතාවයක් ඇතිබව මනාව පැහැදිලිය. ඇත්තේ වැටුප් පිලිබඳ ප්‍රශ්නයකි. 6% පිලිබඳ ප්‍රශ්නය වෙනම තලයක විසදා ගතහැකිනම් 6%ක් ඉල්ලා පාරට බැස්සේ ඇයි? එසේනම් 6% මුවාවෙන් මොව්න් සටන්කලේ කුමක් අරඹයාද? සටන්වලට යටි අරමුනක් තිබුනිද? රටම ගොනාට ඇන්දීමට කල උත්සාහයක්ද? හදවතින් නොව බුද්ධිමත්ව ගවේශනාත්මකව විමසා බලා තීරණය කිරීම බුද්ධිමත් ඔබට බාරයි...
Labels:
විවිධ
Friday, September 28, 2012
6% සහ පුංචි දරුවන්
Labels:
විවිධ
Friday, August 20, 2010
ලංකාව ලෝකයේ හොදම රටවල් සියය අතරට.
ශ්‍රීලාංකිකයන් විදියට අපි හැමෝටම සන්තෝස වෙන්න පුලුවන් කාරනයක් කියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ.අන්තර්ජාතිකව ඉහල පිලිගැනීමක් තියෙන නිව්ස්වීක් සංගරාව මෑතදී කල සමීක්ෂනයකට අනුව අපේ මේ පුන්චි ලංකාව ලෝකයේ තිබෙන හොඳම රටවල් සියය අතරට අවිල්ලා තියෙනවා.
අපේ මේ රත්තරන් දිවයින ලෝකයේ තිබෙන හොඳම සියය අතරිනුත් 66 වෙනි ස්ථානයට පත්වෙලා තිබෙනවා.
මේ කාරනය ලාංකිකයන් විදියට අපි කාටත් ඉතාම සංතෝස වෙන්න පුලුවන්,
ආඩම්බර වෙන්න පුලුවන් කාරනයක්.
තිස්වසරක ෂාපලත් යුද්දය අතිසාර්තකව නිමාකරල වසර දෙකක් යන්නටත් ප්‍රථමයෙන්
ලඟාකරගත් මේ ජයග්‍රහනය ඉතාමත්ම ප්‍රසංසනීයයි.
මේත් සමගම අපේ රටට විරුද්දව කටයුතු කරන බටහිර බලවේගවලට ඉතාම හොද කනේපාරක් ලැබුනයි කියලයි මම නම් හිතන්නේ.
තවදුරටත් අපේ මේ සුන්දර රට දිහා වැරදි විදියට බලන්න හේතුවක් නැහැයි කියලා මේකෙන් ඉතාම පැහැදිලියි.
රටක් විදියට අපි ලැබූ මේ ජයග්‍රහනය ගෙන අපි සතුටු වෙන ගමන්ම
දැන් ඉතින් මේ ජයග්‍රහනය විජයක්ග්‍රහනයක් බවට පත්කරන්න අපි හැමෝම මහන්සි ගතයුතුයි.
අපේ මේ රත්තරන් දිවයින ලෝකයේ තිබෙන හොඳම සියය අතරිනුත් 66 වෙනි ස්ථානයට පත්වෙලා තිබෙනවා.
මේ කාරනය ලාංකිකයන් විදියට අපි කාටත් ඉතාම සංතෝස වෙන්න පුලුවන්,
ආඩම්බර වෙන්න පුලුවන් කාරනයක්.
තිස්වසරක ෂාපලත් යුද්දය අතිසාර්තකව නිමාකරල වසර දෙකක් යන්නටත් ප්‍රථමයෙන්
ලඟාකරගත් මේ ජයග්‍රහනය ඉතාමත්ම ප්‍රසංසනීයයි.
මේත් සමගම අපේ රටට විරුද්දව කටයුතු කරන බටහිර බලවේගවලට ඉතාම හොද කනේපාරක් ලැබුනයි කියලයි මම නම් හිතන්නේ.
තවදුරටත් අපේ මේ සුන්දර රට දිහා වැරදි විදියට බලන්න හේතුවක් නැහැයි කියලා මේකෙන් ඉතාම පැහැදිලියි.
රටක් විදියට අපි ලැබූ මේ ජයග්‍රහනය ගෙන අපි සතුටු වෙන ගමන්ම
දැන් ඉතින් මේ ජයග්‍රහනය විජයක්ග්‍රහනයක් බවට පත්කරන්න අපි හැමෝම මහන්සි ගතයුතුයි.
Labels:
විවිධ
Subscribe to:
Posts (Atom)


