Search This Blog
Thursday, August 21, 2014
වාරියපොල කුමාරිහාමී
වාරියපොල ඇති වෙච්ච සිද්දිය අපි එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව එක එක විදියට තේරුම්ගත හැක. ඒත් බහුතරයකට පේන ඇත්ත වසන් කර, අර කොල්ලට ගැහුව කෙල්ල වීරකමක් කරයි කියල බොරුවට පුම්බා ගොං ආතල් ගැනීම මහා අනුවණ කමකි. (පතෝල, ඇපල් කරන්න හදල ඌ කරෙත් වීරකමක් නෙමෙයි. හැබැයි ගෙම්බා පොලොවේ ගැහුවවගේ ඒකිව උස්සල පොලොවෙ ගහන්න පුලුවංකමක් තිබිලත් තමන් කරපු වැරැද්දට සමාව ඉල්ලලා Town එකේ දෙනෝදාහක් මැද්දේ ගුටිකාපු එක වීර කමක් තමයි)
ඒ මක්නිසාදයත් ඒ කෙල්ල අර තරුණයාට දිගට හරහට ගහන්නේ ඌ ඒකිට බලහත්කාරකමක් කරන්න උත්සාහ කර නිසා නොවේය. ඒකිගෙ කොහෙන්වත් අල්ලන්න ගිහිල්ලත් නොවේය. තරුණියම පවසනා පරිදි ඒකිගේ ඇදුම ගැන විහිලුවක් තරුණයා විසින් සිදුකර ඇත. එයත් පාදඩ අමනම විහිලුවක්නම් පාරක් දෙකක් ගැහුවට කමක් නැත. Video එකෙත් ඉන්න Timekeeper කියනා පරිදි විනාඩි 45ක් විතර සැරින් සැරේ අර තරුණයාට පහරදීම හරිද?
එසේ පහරදී තිබෙන්නෙත් තරුනියගේ හයියෙන්ද? නැත. තරුණිය සතු political power එක, political connection ගැන උදම් අනමින් පහරදීම සිදුකර ඇත. (වාරියපොල Timekeeper මහතා එයට සාක්ශි දරයී) එය වීරකමක්ද? කාන්තා හිංසනයට විරුද්ද සංවිධාන පවා වාරියපොල කුමාරිහාමිගේ ගොං පාට් හෙලා දැක තිබෙන්නේ එතුමිය කලේ වීර කමක් නිසාද?
දේශපාලකයන් නීතිය අතට ගැනීමට එරෙහිව සැවොම කතා කරති. එරෙහිව හඬ නගති. නමුත් මේ තරුණියත් කරන්නේ නීතිය අතටගෙන කටයුතු කිරීමකි. තරුණයා අතින් වරදක්වූවානම් කල යුතුව තිබුනේ නීතිමගින් කටයුතු කරීමයි. ඇයම කියනා පරිදි නීතිය ශක්තිමත්ය, තදය. නමුත් ඒ තද, ශක්තිමත් නීතිය ගැන ඇයට විශ්වාසයක් නැත. ඊටවඩා ඇය සතු දේශපාලන හෝ වෙනත් මොනයම් හෝ සබඳතා ගැන ඇයට හොඳ වැටහීමක්, විශ්වාසයක් ඇත. තරුණයාට පහරදීමට ඇය බාවිතා කරන්නේ එම ශක්තියයි. එය නිවැරදිද?
එකිනෙකාගේ ක්‍රියාකාරමක් ඔව්න්ගේ අභ්‍යන්තර විදහාපාන කැඩපතකි. ඒ අනුව මෙම සිද්දියට මුල්වූ තරුණයා සුපෝකබෝගී රථයකින්, ඉතාම හොඳට හැඳ පැලඳ ගෙන පැමින, මේ සිද්දියට මුල්වූ විහිලුව කලේනම් මේ තරුණිය කරන්නේ කුමක්ද යන්න අමුතුවෙන්කිව යුතුද?
මේ සියලුදේ අතරම මා ඉතාමත්ම ආඩම්බරවන කාරන දෙකක් ඇත. පලමුවැන්න මේ සිද්දිය මුල්කරගෙන සමහරක් බොරදියේ මාලුබාන්නට උත්සාහ කලේය. මුලින්, සිද්දියට මුල්වූ තරුණය මුස්ලිම් කියා ජාතිවාදය අව්ලුවන්නට උත්සාහ කලේය. පසුව ද්‍රවිඩ කියා ජාතිවාදය අව්ලුවන්නට උත්සාහ කලේය . නමුත් ඒ සියලු උත්සාහයක් අසාර්තක විය. පහරදුන් තරුණිය සිංහල කියා රටේ අති බහුතරයක් මේ සිද්දියේදී අසාදාරනය වෙනුවෙන් ඉදිරිපත් නොවීය. රටේ අතිබහුතරය තරුණිය වැරදි බව, තරුණිය අසාධාරණබව සෟජුව ප්‍රකාශ කලහ. එය ඉතාම සාධනීය තත්වයකි.
මා ඉතාමත්ම ආඩම්බරවන දෙවන කාරනය වෙන්නේ මෙම සිද්දිය පිලිබඳ අති බහුතර කාන්තා පාර්ශවයේ ප්‍රතිචාරයයි. මේ සිද්දිය දන්නා රටේ අති බහුතර කාන්තා පාර්ශවය මේ තරුණිය ඉතාමත් වැරදි බව කියා සිටියහ. තරුණියගේ ක්‍රියා කලාපය මුලුමනින්ම ප්‍රතික්ශේප කලහ. එයද ඉතාම සාධනීය තත්වයකි.
අවසානයේ ජාති, ආගම්, ගැහැණු, පිරිමි බේදයකින් තොරව, බුද්ධියක් ඇති අති බහුතරය මේ වාරියපොල සිද්දියේදී එකම මතයක සිටීම ඉතාම ප්‍රශංසනීයය. මක්නිසාදයත් වැරැද්දට, අසාධාරණයට බේදයක් නොමැති නිසාවෙනි. වැරැද්දට අසාධාරණයට එරෙහිවීමටද බේදයක් නොමැති නිසාවෙනි.
සැ.යු : වාරියපොල කුමාරිහාමි මැතිනිය වීරවරියක්, එතුමිය කලේ හරි දෙයක්, victim එතුමිය යැයි කියා ගන්නා, කීමට උත්සාහ ගන්නා උපන්ගෙයි මෝඩ අමන තකතීරුවන් (කාන්තා, පිරිමි දෙපාර්ශවයේම) ඉතාම සුලුතරයක් සිටීම ගැන අප පුදුමවිය යුතු නැත. ඔව්න්ට බුද්ධිය මතු ආත්මයක හෝ බුද්ධිය පහල වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
Labels:
විවිධ
