Search This Blog

Sunday, September 30, 2012

බුද්ධිමත් ජනතාවගේ අවධානය පිනිසයි...


"6% පිලිබඳ ප්‍රශ්නය වෙනම තලයක විසදා ගතයුතු ප්‍රශ්නයක්. 6% පිලිබඳ තියෙන නොඑකඟතාවය නිසා නෙමෙයි මෙම වැඩ වර්ජනය නොවිසඳී තියෙන්නේ. ඒ ඉල්ලීම අපිට දීර්ග කාලීන වශයෙන් අපිට ඒ සම්බන්දව හඬ නගන්න පුලුවන්. ඒක එකක්. නමුත් අපි දැන් යම්කිසි තත්වයකට ඇවිල්ලා තියනවා වැඩ වර්ජනය අවසන් කිරීම සදහා. ඒ සදහා යම් පියවර කීපයක් ගැනීම පමනයි දැන් අවශ්‍ය කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම විශේශයෙන්ම වැටුප් ප්‍රශ්නය සම්බන්දයෙන් යම් එකඟතාවයක් ඇති කරගැනීම අවශ්‍යයි."
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා

6% පිලිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම ප්‍රශ්නයක් නොවන බව මනාව පැහැදිලිය. ඒ සදහා රජය සමග එකඟතාවයක් ඇතිබව මනාව පැහැදිලිය. ඇත්තේ වැටුප් පිලිබඳ ප්‍රශ්නයකි. 6% පිලිබඳ ප්‍රශ්නය වෙනම තලයක විසදා ගතහැකිනම් 6%ක් ඉල්ලා පාරට බැස්සේ ඇයි? එසේනම් 6% මුවාවෙන් මොව්න් සටන්කලේ කුමක් අරඹයාද? සටන්වලට යටි අරමුනක් තිබුනිද? රටම ගොනාට ඇන්දීමට කල උත්සාහයක්ද? හදවතින් නොව බුද්ධිමත්ව ගවේශනාත්මකව විමසා බලා තීරණය කිරීම බුද්ධිමත් ඔබට බාරයි...

Friday, September 28, 2012

6% සහ පුංචි දරුවන්


නිදහස් අධ්‍යාපන අයිතිය සෑම විටම සුරැකිය යුතුය. එම අයිතිය රැක ගැනීමට සටන් කිරීමද කල යුතුය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. හැකියාවක් ඇත්නම් 6%ක් නොව ඊටත් වඩා වියදම් කලාට කමක් නැත. එහෙත් හයක් හතරක් නොතේරෙන මෙවන් දරුවන්හට වෙනත් කිසිවකු හෝ නිර්මානය කොට ලබාදුන් මෙවන් පුවරුවක් අතට දී පෙන්වන්නට සදන්නේ මෙම දරුවනුත් මේ සටනට සහය දෙනවා යන්නනම්, එසේ සිතීම තරම් අණුවන කමක් තවත් නැත. මන්දයත් මෙතරම් බරපතල කාරනා තේරුම් ගැනීමට තරම් මේ පුංචි හිත්වලට හැකියාවක් නොමැති හෙයිනි. හයක් හතරක් නොතේරෙන මෙවන් දරුවන් මෙම සටන්වලට ඈදා ගැනීම කොතරම් සාධාරනද, සධාචාර සම්පන්නද. ජීවිතේ මහා බර, අනාගතේ ඔව්න් හමුවේ ඇති මහමෙරක් අභියෝග ගැන කිසිදු වැටහීමක් නැති මෙවන් පුංචි දරුවන් අතට සටන් පාඨ ලබා දීම කොතරම් සාධාරනද, සධාචාර සම්පන්නද. පුංචි දරුවන් අතට සටන් පාඨ ලබාදීමට තරම් මේවා කල පුද්ගලයන් බංකොලොත්වීම රටේම අභාභ්‍යයකි. අප සටන්කල යුත්තේ මෙම දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. නමුත් ඒ සදහා මෙම සටන්වලට මෙම හයක් හතරක් නොතේරෙන පුංචි දරුවන් කිසිවිටෙක ඈදා නොගත යුතුය.