නිදහස් අධ්‍යාපන අයිතිය සෑම විටම සුරැකිය යුතුය. එම අයිතිය රැක ගැනීමට සටන් කිරීමද කල යුතුය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. හැකියාවක් ඇත්නම් 6%ක් නොව ඊටත් වඩා වියදම් කලාට කමක් නැත. එහෙත් හයක් හතරක් නොතේරෙන මෙවන් දරුවන්හට වෙනත් කිසිවකු හෝ නිර්මානය කොට ලබාදුන් මෙවන් පුවරුවක් අතට දී පෙන්වන්නට සදන්නේ මෙම දරුවනුත් මේ සටනට සහය දෙනවා යන්නනම්, එසේ සිතීම තරම් අණුවන කමක් තවත් නැත. මන්දයත් මෙතරම් බරපතල කාරනා තේරුම් ගැනීමට තරම් මේ පුංචි හිත්වලට හැකියාවක් නොමැති හෙයිනි. හයක් හතරක් නොතේරෙන මෙවන් දරුවන් මෙම සටන්වලට ඈදා ගැනීම කොතරම් සාධාරනද, සධාචාර සම්පන්නද. ජීවිතේ මහා බර, අනාගතේ ඔව්න් හමුවේ ඇති මහමෙරක් අභියෝග ගැන කිසිදු වැටහීමක් නැති මෙවන් පුංචි දරුවන් අතට සටන් පාඨ ලබා දීම කොතරම් සාධාරනද, සධාචාර සම්පන්නද. පුංචි දරුවන් අතට සටන් පාඨ ලබාදීමට තරම් මේවා කල පුද්ගලයන් බංකොලොත්වීම රටේම අභාභ්‍යයකි. අප සටන්කල යුත්තේ මෙම දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. නමුත් ඒ සදහා මෙම සටන්වලට මෙම හයක් හතරක් නොතේරෙන පුංචි දරුවන් කිසිවිටෙක ඈදා නොගත යුතුය.