Search This Blog

Friday, August 20, 2010

ලංකාව ලෝකයේ හොදම රටවල් සියය අතරට.

ශ්‍රීලාංකිකයන් විදියට අපි හැමෝටම සන්තෝස වෙන්න පුලුවන් කාරනයක් කියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ.අන්තර්ජාතිකව ඉහල පිලිගැනීමක් තියෙන නිව්ස්වීක් සංගරාව මෑතදී කල සමීක්ෂනයකට අනුව අපේ මේ පුන්චි ලංකාව ලෝකයේ තිබෙන හොඳම රටවල් සියය අතරට අවිල්ලා තියෙනවා.
අපේ මේ රත්තරන් දිවයින ලෝකයේ තිබෙන හොඳම සියය අතරිනුත් 66 වෙනි ස්ථානයට පත්වෙලා තිබෙනවා.


මේ කාරනය ලාංකිකයන් විදියට අපි කාටත් ඉතාම සංතෝස වෙන්න පුලුවන්,
 ආඩම්බර වෙන්න පුලුවන් කාරනයක්.
තිස්වසරක ෂාපලත් යුද්දය අතිසාර්තකව නිමාකරල වසර දෙකක් යන්නටත් ප්‍රථමයෙන්
ලඟාකරගත් මේ ජයග්‍රහනය ඉතාමත්ම ප්‍රසංසනීයයි.

මේත් සමගම අපේ රටට විරුද්දව කටයුතු කරන බටහිර බලවේගවලට ඉතාම හොද කනේපාරක් ලැබුනයි කියලයි මම නම් හිතන්නේ.
තවදුරටත් අපේ මේ සුන්දර රට දිහා වැරදි විදියට බලන්න හේතුවක් නැහැයි කියලා මේකෙන් ඉතාම පැහැදිලියි.

රටක් විදියට අපි ලැබූ මේ ජයග්‍රහනය ගෙන අපි සතුටු වෙන ගමන්ම
දැන් ඉතින් මේ ජයග්‍රහනය විජයක්ග්‍රහනයක් බවට පත්කරන්න අපි හැමෝම මහන්සි ගතයුතුයි.